සංචාරකයින් 185 කු දිවයිනට

යු‍ක්‍රේනයේ සිට සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතට පැමිණියේය.

එම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භ වී තිබේ.

සංචාරකයින් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහය ඇතිව  සංස්කෘතික නැටුම් ප්‍රසංග සංවිධානය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.