කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට ක්‍රියාත්මක වෙයි
අද පස්වරු 1.30 පමණ යුක්රේනයේ සිට ගුවන් මගීන් 185 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත ය.
මෙම සංචාරකයින් පිරිස මෙරට ළඟාවීමෙන් අනතුරුව සියලූම නිරෝධායන පිළිවෙත් අනුගමනය කරමින් ඒ කටයුතු සිදුවන බවද බලධාරින් පවසයි.
ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය ඒ අවශ්‍ය කටයුතු සඳහා සූදානමින් සිටින බවද දැනුම් දි තිබේ