වෙඩි පහරකින් අයෙක් මරුට

වේයන්ගොඩ ප්‍රදේශයේ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් මෙහෙයුමකදි වෙඩිපහරකින් මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පසුගිය  19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වි තිබුණි.

ඔහු මංකොල්ලකෑම් කිහිපයකටත් සම්බන්ධ සැකකරුවෙකි.

අදාළ සැකකරුට ගම්පහ මහාධිකරණයේ නඩු 2ක්, මාරවිල මහාධිකරණයේ නඩුවක්, ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විහාග වෙමින් පවතින බවද වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.