ආන්දෝලනයකට තුඩු දුන් ඇමරිකානු කොරෝනා සහන පැකේජය ඇතුලත් පනතට අවසානයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
එය අත්සන් තැබීමත් සමග එරට ෆෙඩරල් රජයේ ක්රීයාකාරීත්වය අඩපන වීමේ අවදානම පහව ගොස් ඇත.
ට්‍රම්ප් මෙම පනතට අත්සන් තැබීම මුලින් ප්‍රතික්ෂේප කර තිබුනේ ජනතාවට මීට වඩා විශාල සහනයක් එක වර ගෙවිය යුතු බව පවසමිනි.
එය අත්සන් කොකිරීම හේතුවෙන් මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට සිය විරැකියා ප්රතිලාභ ද තාවකාලිකව අහිමි විය.
ඇමරිකානු ඩොලර් බිලියන 900 ක් වටිනා මෙම පැකේජය කොංග්රස් මණ්ඩලය අනුමත කරණු ලැබුවේද මාස ගනනාවක් පැවති සාකච්ඡා වලින් අනතුරුවය.