අශන්ති වරුනසුරිය
මෙය හරි අපූරු කතාවකි. කොරෝනා එක්ක අලුත් වුනු වෙනස් කතාවකි. කොරෝනා වෛරස තත්වය නිසා දකුණු අප්‍රිකාව සම්පූර්ණයෙන් වසා දැමීම හේතුවෙන් විවාහ මංගල උත්සව කල් දැමීමට සිදුවීම මෙයට ප්‍රධාන හේතුව වේ.
අත්‍යවශ්‍ය හේතූන් හැර අනෙකුත් මහජන එක්රැස්වීම සඳහා තහනමක් එරටත් සුදු කර තිබිණි. එමෙන්ම මධ්‍යසාර සහ සිගරට් සඳහා ද තහනමක් ද දකුණු අප්‍රිකාව පනවා තිබිණි.
මෙවන් නීති නොතකමින් අමුත්තන් එක්රැස් කර සැමරූ විවාහ උත්සවයක යුවලකුත් එරට අත්අඩංගුවට ගෙන තිබූ බවත් විදේස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ කතාවේ ප්‍රේමවන්තයා ප්‍රසිද්ධ චරිතයකි. ඔහු සිය පෙම්වතිය වන ගේබ්‍රියෙල් එස්ටර්හයිසෙන්ගේ බලාපොරොත්තු සුන් කිරීමට අකමැති වූ චිත්‍රපට නිෂ්පාදක ඩෑන් මේස් ය.
සිය පෙම්වතිය පුදුම කිරීමේ සඳහා මේ ආකාරයේ ඔහු නිර්මාණයක් සිදු කර තිබේ. ලොක්ඩවුන් තත්වය නිසා ඉතිරිවූ කාලය ප්‍රයෝජනයට ගෙන කෙප්ටවුන් හි පිහිටි තම ගෙවත්තේ මෙය සංවිධානය කර ඇත.
ඔහු තම විවාහ උත්සවය අන්තර්ජාලය ඔස්සේ තම හිතමිත්‍රාදීන් සමගද බෙදා ගෙන තිබූ අතර අමෙරිකාවේ සිටින ඔහුගේ ඇතැම් මිතුරන් වීඩියෝ ඇමතුම් මගින් ඒ අවස්ථාවට එක්වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විවාහ උත්සවයේ ප්‍රකාශ වූ වදන් මිස්ටර් බීන් චරිතය පදනම් කොට ගෙන නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
විශාල උත්සවයක් පවත්වන්නේ නොමැතිනම් මෙම විවාහ උත්සවය සර්ව සම්පූර්ණ විවාහ උත්සවයක් බවයි ගේබියල් පවසා තිබේ.