ඉන්දික ශ්‍රී අරවින්ද
මෙරටට පැමිණෙන නැව්වල අඩුවීමක් හේතුවෙන් චීනයෙන් ආනයනය කෙරුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් කන්ටේනර් තොගය ආපසු චීනයට යැවීට නොහැකි තත්වයක් මතුව ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙම කාලය තුළදී මෙරටට නැව් පැමිණීම සිමා වීම නිසා එම සැමන් අඩංගු කන්ටේනර් බහලුම් යළි නැව්ගත කිරීම ගැටළුවක් වී ඇති බවයි.
එහෙත් මේ වනවිට රේගුව භාරයට ගත් සැමන් කන්ටේනර් 48න් කොටසක් පමණක් ආපසු චීනයට යැවීමට කටයුතු කර ඇති අතර ඉතිරි කොටස ලබන ජනවාරියේදී නැව්ගත කිරීමට බලාපොරොත්තු වෙයි.
මේ සම්බන්ධව පසුගිය සතියේදී වරාය අධිකාරිය සමග සකච්ඡාවක්ද පැවැත්වුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් පැවසිය. චීනයෙන් ආනයනය කෙරුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් කන්ටේනර් 48ක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පසුගිය දා පියවර ගෙන ලැබීය.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ අදාළ සැමන් ටින් තොගයේ ආසනික් අඩංගු වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තහවුරු කර ඇති බවයි. අදාළ කන්ටේනර් 48 තුළ සැමන් මෙට්‍රික් ටෝන් 768 අන්තර්ගත වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 384 බවට ඇස්තමේන්තු කර තිබුණි.
පරිභෝජනයට නුසුදුසු මෙම සැමන් තොගේ ආපසු චීනයට යැවීම ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකය පියවර ගෙන තිබේ.