
රුසියානු තානාපතිවරයා මේ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා හමු වූ අවස්ථාවේදීය.
ලෝකයේ ඇතැම් ත්‍රස්තවාදී සංවිධාන මත්ද්‍රව්‍ය වෙළදාම මගින් උපයා ගන්නා මුදල් කොවිඩ් ආධාර යටතේ වෙනත් රටවල ත්‍රස්ත සංවිධාන වෙත යවන බවට බොහෝ විට ඉඩ ඇති බව මෙහිදී රුසියානු තානාපතිවරයා පෙන්වා දී ඇත.
මෙරට මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා රුසියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව සමඟ සමීපව හා සමගාමීව කටයුතු කළ යුතු බව රුසියානු තානාපති විසින් අමාත්‍යවරයාට අවධාරණය කරන ලදී.
ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ගැනීම ගැන රුසියානු ජනාධිපතිවරයාට හා තානාපතිවරයාට මෙහිදී සුබ පැතුම් එක් කළ අතර අවසන් මානුෂීය සටනේ තහවුරු කර නොගත් චෝදනා හරහා එක්සත් ජාතීන්ගේ ක්‍රියාපටිපාටි උල්ලංඝනය කර ජිනීවා ස්ථාවරය ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් දන්වනු ලැබීය.
එසේම මානුෂීය යුද්ධය අවසාන අවස්ථාවේ පිහිටුවූ මානුෂීය ආධාර සඳහා උපදේශන කමිටුවේ නිල් බූන්, අමීන් අවාඩ් යන විශේෂඥයන් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ප්‍රශංසා කර ඇති අතර 30 (1 ) වගන්තිය යටතේ පීඩාවට පත් අය උදෙසා ආධාර නොකළ බවට චෝදනා කර ඇති බව දැනුවත් කරන ලදී.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු වූ අතර එම පරීක්ෂණවල වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුවත් කරන ලදී. එසේම රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් වන ක්‍රියාදාමය සම්බන්ධව හා අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙනුත් රුසියානු තානාපති හා මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡා සිදු කෙරුණි.
වසර ගණනාවක් මුළුල්ලේ රුසියාව විසින් ලබා දුන් ආර්ථික හා දේශපාලන සහයෝගයට අමාත්‍යවරයා විසින් ස්තූතිය මෙහිදී පුද කරන ලදී.