කොවිඩ් මරණ අධි ශීතකරණයේ නොතබා වහාම ආදාහනය කරන්න

ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් ආසාදිත මුස්ලිම් ජාතික මරණයන් තවදුරටත් අධි ශීතකරණ තුළ ගොඩ ගැසීමට ඉඩ නොතබා දැනට පවතින නීතිය යටතේ කඩිනමින් ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා අද (27) දින ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දී තිබේ.

තවදුරටත් සෞඛ්‍ය අංශවල විශේෂඥ මතය විමසන තෙක් අධි ශීතකරණ තුළ මෙම මෘත ශරීර රඳවා තබා ගැනීමෙන් සමාජය තුළ යම් මතවාදයක් පැවතීම නිසා ඔබට මෙන්ම ආණ්ඩුවටත් යම් යම් ගැටළුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුව ඇත.

එබැවින් ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය සහ සමාජය තුළ නොසන්සුන්කාරී තත්වයක් නිර්මාණය වෙමින් පවතින නිසා දැනට ගොඩගැසී ඇති මෘත ශරීර වහාම ආදාහනය කරන ලෙසත් එසේ අධි ශීතකරණ තුළ එම දේහයන් රඳවා තැබීමට උපදෙස් දෙනු ලැබුවේ කවුරුන්ද යන්න පිළිබඳවත් විමර්ශනයක් සිදු කරන ලෙසටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.