බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ නවතම කාණ්ඩය ආසාදනය වූවන් ලොවපුරා රටවලින් වාර්තා වෙමින් ඇත.
එම වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වූ නවතම රටවල් වන්නේ ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය හා කැනඩාවයි.
මොවුන් අතරන් අති බහුතරය බ්‍රිතාන්‍යයේ සිට එම රට වෙත පැමිනි අය වේ.
කෙසේ වෙතත් කාැනඩාවෙන් හමුවූ යුවලකට එවැනි සංචරණ ඉතිහාසයක් නොමැති බව එරට සෞඛ්‍ය අංශ පවසති.
ස්පාඤ්ඤයෙන් වාර්තා වූ රෝගීන් හතර දෙනාම එක්සත් රාජධානියේ සිට පැමින ඇත.
ස්විට්සර්ලන්තයෙන් වාර්තා වූ රෝගීන් තුන්දෙනා ද බ්‍රිතාන්‍ය ජාතිකයින් බවට හඳුනාගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ සිට ස්වීඩනයට පැමිනි අයෙකුද නව කොරෝනා ප්‍රභේදය ආසාදිත අයකු ලෙස හඳුනාගත් අතර ඔහු ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
මිට පෙර ප්‍රංශය, ජපානය, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, ඉතාලිය හා නෙදර්ලන්තය යන රටවලින්ද මෙම නව කොරෝනා කාණ්ඩය ආසාදිතයින් වාර්තා විය.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ ලොව බොහෝ රටවල් බ්‍රිතාන්‍ය සමග සංචරණ සීමා දැඩිකර ඇත.