අද (26) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වු 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අද (26) මිය ගොස් ඇත. මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.
අද (26) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 93 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද ආසාදිතයින් 593ක් හඳුනාගැනිණි.