සමඟි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව සම්මතයි

අශන්ති වරුනසුරිය

සමඟි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී එකක් බව එම පක්ෂය පවසයි. ඒ අනුව ඔවුන්ගේ නව ව්‍යවස්ථාව විධයක සභාවේ ඒකමතික තීරණයෙන් සම්මත වී තිබේ.

මෙයට අනුව නායකයා පත් කරන්නේද විධායක සභාවෙන් බවත් වසරක් පාසා නායකයා වෙනස් කිරීමේ හැකියාව විධායක සභාවට ඇති බවත් නයකයතුමාගේ පත්වීම් වෙනස් කිරීමේ හැකියාවද විධායක සභාවට ඇති බවත් සමඟි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව මෙය ඉතාමත් ප්‍රජාත්‍රන්තවාදී ව්‍යවස්ථාවක් බව ද ඔහු පැවසීය. පාඨලී රණවකට පසුව හෝ සත්‍ය අවබෝධවී සමගි ජන බල වේගය සමග එකතු වීම සුභ ලකුණක් බවද රාජිත සේනාරත්න පැවසුවේ ඒ පිළිබදව සිදු කල විමසීමට පිළිතුරු දෙමිනි.

මේ රටේ සියලුම ජාතින් සියලුම ආගමිකයන් සියලු දෙනා එකතු කරගෙන වැඩපිළිවෙලක් තුල පමණක් රටට ඉදිරියක් ඇති බවද වත්මන් දේශපාලන ප්‍රවාහය ගැන සදහන් කරමින් ඔහු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.