සැප්තැම්බර් 11 අමෙරිකාවට එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය ඇතුළු මෙතෙක් ලොව සිදුවූ ප්‍රබල සිදුවීම් සම්බන්ධයෙන් කල් තියා අනාවැකි පළකළ බල්ගේරියානු ජාතික දෑස් අන්ධ කාන්තාවක් වන බාබා වැන්ගා 1996 වර්ෂයේදී මියයන විට වර්ෂ 5079 දක්වා ලොව ඇතිවිය හැකි සිදුවීම් සම්බන්ධයෙන් අනාවැකි පළකොට තිබේ.
ලෝකයේ බලය විශාල මකරෙකු විසින් අල්ලා ගන්නා බවත් ඊට එරෙහිව යෝධයින් තිදෙනෙකු නැගී සිටින බවත් 2021 වර්ෂයේ දී ලොවපුර විශාල විනාශයන් සහ ව්‍යවසනයන් ගෙන් පිරුණු වසරක් ලෙසත් පිළිකා රෝගයට ප්‍රතිකාරයක් සොයා ගන්නා බවටත් ලොව ප්‍රබල අනාවැකි පළකරන්නියක් වන බාබා වැන්ගා විසින් 2021 වර්ෂය සඳහා වන සිය අනාවැකි පළකර ඇත.
මෙසේ පවසන්නේ චීනය මුළු ලෝකයම අල්ලා ගැනීමක්ද යන්න මේ වන විට කතා බහට ලක්වී ඇත.
2020 වර්ෂයේදී අමෙරිකානු රාජ්‍ය නායකයා භයානක රෝගී තත්ත්වයකට ගොදුරු වෙනු ඇති බවට අනාවැකි පළකොට සිටි බාබා වැන්ගා හේ අනාවැකිය සත්‍ය බවටඉකුත් ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තහවුරු විය.
ඇයගේ සමහරක් අනාවැකි සිදුවී ඇති අතර සමහරක් එසේ නැත. විශේෂයෙන්ම 2020 වර්ෂය සඳහා ඇය අනාවැකි පළකර සිටියේ රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් ඝාතන තැතක් සිදුවනු ඇති බවයි.