පාතාල ක්‍රියාකාරකම් සඳහා අවි අයුධ සැපයූ ප්‍රභල අවි ජාවරම්කරුවෙකු සහ අවි සන්තකේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.
ඇඹිලිපිටිය ඇතුලු ප්‍රදේශ රැසක නීති විරෝධී ක්‍රියා සහ පාතාල ක්‍රියාකාරකම් සඳහා මුදලට අවි සපයා ඇති බව පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර මෙහෙයුම සිදුකර ඇත්තේ, ඇඹිලිපිටිය තුංකම ප්‍රදේශයේදී වන අතර, වැටලීමෙන් අවි ජාවරම් සිදුකළ පුද්ගලයෙකු සහ අවි සන්තකේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්විය.
වැටලීමෙන් T කටස් වර්ගයේ ගිනි අවි දෙකක්, කැප් වර්ගයේ තුවක්කුවක්, කඩු 02ක්, T – 56 උණ්ඩ 02ක්, 9mm උණ්ඩ 02ක්, බෝර 12, බෝර 16 උණ්ඩ 1 බැගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරැවන් සහ අවි තොගය කුට්ටිගල පොලිසියට භාර දී ඇති අතර, අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී නියෝජ්‍ය පොලිස්පති වරුන ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධනය ඒකකය භාර ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබේ.