මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබද දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදාබැලීමේ බැලුනයක් ගුවන් ගත කර ඇත.
නව තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වුවහොත් ඉදිරියේ දී මෙරට විශාල වෙනස්කම් රැසක් සිදු කිරීමට හැකිවන බවත් දැනට මෙරට භාවිතා කරන්නේ ලබන්නේ 1950 වසරේ තාක්ෂණයෙන් උපයෝගී කරගත් තොරතුරු බව ද විශ්වවිද්‍යාල සිසුහු පවසයි.
ඇමෙරිකාවෙන් ගෙන්වන ලද විවිධ උපකරන උපයෝගි කරගෙන දීවයිනේ ප්‍රථම වතාවට රබර් බැලූනයක් ගුවන් ගත කිරීම ඒ තුළ සවි කරන ලද විද්‍යුත් උපකරණ සහ තොරතුරු දත්ත රැස් කිරීමේ පෙට්ටියක්ද මෙහි සවි කොර ඇත.
මෙම විශේෂ අත්හදාබැලීමේ බැලූනය කිලෝමීටර් 35 ත් 40 ත් අතර ඉහළ ආකාසේ ගමන් කරමින් ආකාශයේ ඉහළ දී මෙම බැලුනය පුපුරා එහි සවිකොට ඇති පැරිසුට් එකක් මගින් ලබාගත් තොරතුරු සියල්ල පොළොවට පතිත වීම සිදුවන බව විශ්වවිද්‍යාල සිසුහු පවසයි.
මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් ඉදිරියේදී මෙරට රොකට් උපයෝගී කරගෙන සිදුකරන ලබන සැටලයිට් වෙනුවට බැලූන යොදාගෙන එම දත්ත ලබා ගැනීමට හැකි බව ඔවුහු පවසයි.