බස්නාහිර පළාතට ඇතුළු වන හා පිටවන ස්ථානවලදී සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ මගින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 41 දෙනෙකු හදුනාගත් සෞඛ්‍ය නිලධාරින් පවසයි
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ දෙසැම්බර් 18 වනදා සිට බස්නාහිර පළාතට ඇතුළු වීමේ හා පිටවීමේ ස්ථානවල සිදු කරන ලද පරීක්ෂණ වලදී මෙම ආසාධිත පුද්ගලයින් 41 දෙනා හඳුනාගෙන ඇති බවයි.
බස්නාහිර පළාතේ කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යන බව සොයා ගැනීමෙන් පසුව ඇතුල්වීමේ හා පිටවීමේ ස්ථානවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ලදී.
වෛරසය පාලනය කිරීමට දිවයිනේ සෙසු ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා මෙම පරීක්ෂණ සිදු කරන ලදී.