වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සතොස සහ සතොස ආයතනයන්හී සභාපතිවරයා ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා මහතා සතොස ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම විවිධ කතාබහට ලක්වී ඇත. එමෙන්ම ඊයේ (25) වාර්තා වූයේ, සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත්කර ඇත්තේ විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් බවය.
නමුත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ මඩ කටකතා පැතිරුණත් මෙය එවන් පුද්ගලික කරුණක් නොවන බවත් තමන්ගේ කාර්යබහුලත්වය අධිකවීම හේතුවෙන් තමා ගත් තීරණයට හේතු වූ බවය. එම ලිපියේ දැක්වෙන්නේ, තමා ලංකා සතොස සුපිරි වෙළෙඳසැල් ජාලය ක්‍රියාත්මක ආයතනයේ සභාපතිවරයා මෙන්ම සතොස (ලොරි සහ ගබඩාවන් (CWE)) ක්‍රියාත්මක ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බවය.
ඒ අනුව තමා සතොස (CWE) ආයතනයෙන් ඉල්ලා අස්වූයේ පසුගිය නොවැම්බර් මස බවය. ඒ අනුව සතොස සභාපති ධුරයේ වැඩබැලීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය පත්කර ඇත.