සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාවේ සෙන්චුරීයන් හිදි අද (26) ඇරඹෙයි.
තරඟය මෙරට වේලාවෙන් පස්වරු 1යි30 ට ආරම්භවිමට නියමිතය.
තරඟ පහකින් සමන්විත මෙම ක්‍රිකට් තරඟාවලිය ලබන 30 වනදා අවසන් විමට නියමිතයි.
කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පසු තවමත් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරනු ලබන මාස 10 කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනෙයි.
අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ සිම්බාබ්වේ පිලට එරෙහිව ඉකුත් ජනවාරි මස පැවැති තරගාවලියේදීය. තරග 2 කින් සමන්විත එම තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට දිමුත් කරුණාරත්න ඇතුළු පිරිස සමත් විය.