බ්‍රිතාන්‍යයෙන් හදුනාගත් කොවිඩ් වෛරසයේ නවතම ප්‍රභේදය ලොව තවත් රට වෙත ව්‍යාප්ත වෙමින් තිබේ.
එම ඛාණ්ඩය ආසාධිත රෝගියකු වාර්තා වන නවතම රාජ්‍ය වන්නේ ප්රංශයයි.
පසුගිය 19 වැනිදා ලන්ඩනයේ සිට ප්‍රංශයට පැමිණි ප්රංශජාතිකයකුට කොරෝනා නව ඛාණ්ඩය ආසාධනය වී ඇතැයි තහවුරු කරගත් බව එරට අමාත්‍යංශය අනාවරණ කළේය.
එංගලන්තයෙන් මෙම ප්‍රභේදය වාර්තාවීමත් සමග ප්‍රංශය සිය දේශසීමා වසාදැමුවද ආසාධනය නොවුන බවට තහවුරු වූ පුද්ගලයින්ට රටට ඇතුළු වීම සඳහා පසුගිය බදාදා එය යලි විවෘත කෙරිණි.නත්තල් දිනයේ ඉංග්‍රීසි ඕඩය ( English Channel) හරහා ප්‍රංශයට ඇතුළු වීමේ අපේක්ෂාවෙන් එංගලන්තයේ කෙන්ට් ප්‍රදේශයේ දිගු පොලිම් දක්නට විය.
මේ අතර කොරෝනා නව ප්‍රෙභ්දය ඩෙන්මාර්කය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය හා ජපානය යන රටවලින් ද වාර්තා වී තිබේ.