කොළඹ කොවිඩ් ගණන ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ආසාදිතයන් 541 දෙනෙකු ද බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 10 දෙනෙකු වශයෙන් එළෙස ඊයේ වාර්තා වූ ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර එළෙස හඳුනාගත් කොවිඩ් රෝගීන් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ 300ක් ලෙසිනි.

නව කොවිඩ් ආසාදිතයින් 551 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,086 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 52ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 37ක් වශයෙන් ද ඊයේ ආසාදිතයින් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 39,782ක් වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 31,339කි. කොවිඩ් -19 ආසාදිතයින් 8,258 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවිඩ් -19 වෛරසය ආසාදිතව මියගිය සංඛ්‍යාව ද 186 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.