අශන්ති වරුනසුරිය
ආපදාවට මුහුණ දීමේ සහ එය නිසිපරිදි කලමනාකරණය කරගැනීම සදහා විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව රටට පෙන්වා දුන් සුනාමි ව්‍යසනය විපතකදී ජාතියක් ලෙස එකමුතුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙනු ලැබූ බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.
ස්වභාවික සම්පත් සම්බන්ධ රීතීන්ට ගරු කිරීම, පාරිසරික සාධක නිසිපරිදි සංරක්ෂණය කිරීම ආදිය තුළින් ස්වභාවික ආපදාවන්ට මුහුණ දීමේ පූර්ව සංවේදිතාවක් ඇති කර ගත හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඒ තුළින් පසු හානි සහ උපද්‍රව අවම කරගත හැකි බවත් ඒ සදහා සියලූ දෙනාටම නොසලකා නොහැරිය යුතු පුරවැසි වගකීමක් ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
රජයක් ලෙස ස්වභාවික ආපදා සහ විපත් වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම මෙන්ම වගවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ”සෞභාග්‍යයේ දැක්ම” තුළින් නිසිපරිදි තහවුරු කර ඇති බවත් විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම වගකීම නිවැරදිව ඉටුකර සුරක්ෂිත රටක් ගොඩනැගීමට අප කැප වී සිටින බවයි ජාතික සුරක්ෂිතතා දිනය වෙනුවෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ සදහන් කරයි.