දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇත. ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට මෙලෙස අනුමැතිය ලැබි ඇත.
ඉදිරි සතිය ඇතුළත මේ කටයුතු අවසන් කිරීමට හැකි බවත් අදියරෙන් අදියර පොලිතීන් බෑග් ඇතුළු වර්ග රැසක් මීළඟට තහනම් කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
එම ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ වනවිට නීතිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.