රුසියාවේ මොස්කව් නුවර සිට සංචාරකයින් පිරිසක් හෙට උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමත් සමග ශී්ර ලංකාව විදේශීය සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමේ වැඩසටහන කල් දමා තිබේ.
රුසියානු ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයේ මොස්කව් නුවර සිට එරට ධනවතුන් 200 කට අධික පිරිසක් එලෙස ශ්රී ලංකාවේ සංචාරය සඳහා හෙට දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබිණි.
යුරෝපය පුරා හදිසියේම පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්රභේදය නිසා මෙම ගුවන් ගමන අවලංගු කර ඇති බව වාර්තා වේ. එහෙත් මෙම රුසියානුවන්ගෙන් ශ්රී ලංකා සංචාරය තවත් දින කීපයක් පසුවීමෙන් ක්රියාත්මකවීමට නියමිත බව පැවසේ.