මෙරටින් කොවිඩ් ආසාදිතයින් 39, 782ක්

අද (25) තවත් කොවිඩ් ආසාදිතයින් 90ක් හඳුනා ගැනීමෙන් අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 551ක් වී තිබේ. ඒ සවස් වරුවේ හඳුනාගත් ආසාදිතයින් 461 දෙනාද සමගිනි. ඒ සමගින් පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිතයින් 39, 782ක් හඳුනාගෙන තිබේ.

සුවය ලැබූ ගණන 31,339ක් වන අතර මේවන විට කොවිඩ් ආසාදිතයින් 8,258 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. අලූත්ගම බෙන්තොට පාලම අසල බස්නාහිර පළාත් මායිමේ සිදු කළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත 16 හැවිරිදි පාසල් සිසුවෙකු හඳුනාගෙන තිබේ.

සිසුවා මගී බස් රථයකින් එම ස්ථානය හරහා ගමන් කිරීමට පැමිණි අවස්ථාවේදී සිදු කෙරුණු රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවකින් කොවිඞ් ආසාදිත බවට හඳුනාගත් අදාළ පාසල් සිසුවා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරියෙකුගේ පුත‍්‍රයෙකි.

ඒ අනුව එම පොලිස් නිලධාරියා ඇතුළු කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් 68 දෙනෙකු රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කර ඇති අතර එහිදී කොවිඞ් ආසාදිත කාන්තා නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇත.

අළුත්ගම හා බෙන්තොට පොලිස් ස්ථාන එක්ව බස්නාහිර පළාත් මායිමේ සිට දකුණු පළාතට පිටත්ව යන පුද්ගලයින් 897 දෙනෙකු ඉකුත් දින කිහිපයේදී ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා විය. කොවිඩ් ආසාදිත දේහ ආදාහනයට එරෙහිව කළුතර වෙට්ටුමකඩ මුස්ලිම් ජාතිකයින් සුදු කොඩි ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය පළකර තිබේ.

හුදකලා තත්ත්වයද නොතකමින් දැනට වෙට්ටුමකඩ ප්‍රදේශය හුදකලා කර තිබෙන නමුත් ප්‍රදේශවාසීන් වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේ දී උද්ඝෝෂණයක් දියත් කළේය. මෙරටින් මේ දක්වා හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන මේ වනවිට 39,000 සීමාව පසුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.