වෛශනී වෙල්රාජ්
කොවිඩ් – 19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය ලබා ගැනීම සඳහා අදත් (25) නිරෝධායන රෙගුලාසි නොසලකා විශාල පිරිසක් ඔහුගේ නිවස අසළට රැස්වී ඇත. කොරෝනා සුව කිරීමට හැකියාවක් ඇතැයි කියා සිටින ඔහුගේ දේශීය ඖශධ බෙදා හැරීම සඳහා සමූහයා එක්රැස් කිරීමෙන් වළකින ලෙස ධම්මික බන්ඩාරා මහතාට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (එම්ඕඑච්) අනතුරු අඟවා තිබේ.
නිරෝධායන රෙගුලාසි උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් අනාගතයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ධම්මික බණ්ඩාරාට එරෙහිව පියවර ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ ගැසට් පත්‍රයට පැවසීය.
මෙවැනි පිරිසක් එක්රැස් වූ දෙවන අවස්ථාව මෙය බව පැවසූ වෛද්‍ය ගුණවර්ධන මහතා පැවසුවේ මෙය ප්‍රදේශයේ නව COVID-19 පොකුරක් බිහි වීමේ අවදානමක් ඇති බවයි. සමූහයේ සීමාවක් පවත්වා ගැනීමටත්, මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි නිරෝධායන රෙගුලාසි පිළිපැදීමට ජනතාව වගබලා ගන්නා ලෙසත් ප්‍රදේශයේ MOH බන්ඩාරාට දැනුම් දී තිබේ.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ එම ඖෂධය අද ග්‍රාම නිලධාරීවරයා හරහා නිවෙස්වෙත ගොස් එම ප්‍රදේශයේ ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබූ අතර එම පුවත සැලවීමත් සමග මෙලෙස වෙනත් ප්‍රදේශවලින් විශාල වශයෙන් පිරිස් පැමිණ ඇති බව වාර්තා වේ.
එහෙත් අදාළ පිරිස් වෙත එම ඖෂධය ලබාදීමට කටයුතු කර නොතිබුණු අතර දහවල් කාලයේදී 5000සක පමණ පිරිසක් එහි රැස්වී තිබේ. පසුව පොලීසිය පැමිණ පිරිස ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.