එංගලන්තයේ සිට පැමිණි 4කට කොරෝනා

විදේශ රටවල සිට පැමිණි 4 දෙනෙකු ඊයේ (25) කොරෝනා ආසාදිතයින් බවට තහවුරු කර ගෙන ඇත. ඔවුන්ගෙන් 4 දෙනෙකු එක්සත් රාජධානියේ සිට පැමිණ ඇති අතර, අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ ඉරානයේ සිටය.

ඒ අනුව ආසාදිතයින් 8478ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 30,568කි. ඊයේ (25) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 592 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගියේය.

ඉන් 570 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර තවත් 18 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇත. මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඞ් පොකුර 35,548 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව ආසාදිතයින් 8478ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 30,568කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.