ලොවපුරා සමරන නත්තල

 

ලොවපුරා කිතුනු බැතිමතුන්  ජේසූස් ක්‍රිස්තූත් වහන්සේගේ උපත සිහිකරමින් අද නත්තල සමරති.

ඒ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලොව පුරා රටවල ක්‍රියාත්මක විවිධ වූ සීමාවන්ට යටත්වයි.

ඒ හේතුවෙන් වෙනත් වසර වලට වඩා මෙවර නත්තල් සැමරුම වෙනස් මුහුනුවරක් ගෙන ඇත.

ඇමරිකාව, යුරෝපය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක් නත්තල් හා නව වසර උදාව සැමරීම සඳහා දැඩි සීමා පනවා ඇත්තේ එම රටවල කොරෝනා වසංත තත්ත්වය උත්සන්න වී තිබීම හේතුවෙනි.

ඒ හේතුවෙන් එම රට වල පුද්ගල ඒකාරාශී වීම් දැඩිව සීමා කර තිබේ.

මධ්‍යම රාත්‍රී ප්‍රධාන නත්තල් දේවමෙහෙය පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ ශාන්ත පීටර්ස් බැසිලිකාවේ පැවැත්වුනු අතර එයට සහභාගී වූයේ 100 කට අසන්න පිරිසක් පමණි.

වෙනත් වසර වල එම දේව මෙහෙය සඳහා දස දහස් සංඛ්‍යාත පිරිසක් ශාන්ත පීටර්ස් බැසිලිකාවට එක් රැස් වෙති.

ඇඳිරිනීතිය හමුවේ මධ්‍යම රාත්‍රී දේව මෙහෙය සම්ප්‍රදායිකව ආරම්භ කරන වේලාවට වඩා පැය දෙකක් වේලාසනින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් ඇතැම් රටවල් සීමාවන්ට යටත්ව සිය වැසියන්ට නත්තල සැමරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, රුවන්ඩා, තායිවානය, වියට්නාමය වැනි රටවල් නත්තල සැමරීම සඳහා සිය සීමාවන් ලිහිල් කර ඇත

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.