දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය හෙට (26) සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩා පිටියේදී ආරම්භ වෙයි.කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පසු තවමත් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරනු ලබන මාස 10 කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනෙයි.
අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ සිම්බාබ්වේ පිලට එරෙහිව ඉකුත් ජනවාරි මස පැවැති තරගාවලියේදීය. තරග 2 කින් සමන්විත එම තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට දිමුත් කරුණාරත්න ඇතුළු පිරිස සමත් විය.
දකුණු අප්‍රිකාව ඉතා හොඳ කණ්ඩායමක් . ඔවුන් ඉතා හොඳින් කණ්ඩායම මෙහෙයවනු ඇත. ඔවුන් ඉතා හොඳින් පුහුණුවීම් කරනවා. ඔවුන් ඉතා හොඳින් සූදානම් වෙනවා” යි ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි.
දකුණු අප්‍රිකානු ජාතිකයකු වන මිකී ආතර් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ හෙයින්, ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව තරගයකට යෑමේදී ඔවුන් භාවිතා කරනු උපක්‍රම සම්බන්ධව පුහුණුකුරු තුළ දැනුමක් තිබීම ශ්‍රී ලංකාවට හිමි අතිරේක වාසියක් ලෙස සඳහන් කළ හැකියි.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල යෑමට තීරණය කිරීමේදී ඒ සඳහා බලපෑ කාරණා අතර ප්‍රධානම තැනක් ගනු ලැබුවේ ක්‍රීඩකයින්ගේ සෞඛ්යාරක්ෂිත භාවය පිළිබඳවය. මේ සඳහා වැඩි අවධානයක් යොමු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෛද්‍ය දමින්දා අත්තනායක මහත්මිය සහ පුහුණුකරු මිකී ආතර්ව කළින්ම පිටත් කර හැරීමට පියවර ගනු ලැබීය.
සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන පුහුණුකරු පැවසුවේ මෙවන් අදහසකි
“ඇත්තම කියනවා නම් මෙහෙ ජෛව පරිසරය ඉතාම හොඳයි. මාත් වෛද්‍යවරියත් ඒ ගැන බලන්න කළින්ම ආවා. ඇත්තටම ඔවුන් දීලා තියෙන ක්‍රමවේදය ඉතා හොඳයි. කොහොම වුණත් මේ වසංගත තත්ත්වයත් එක්ක ඉදිරියට යනවා නම් මේ තමා ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම සාමාන්‍ය තත්ත්වය. ඔවුන් අවශ්‍ය ආරක්ෂාව ලබා දීලා අපිව හොඳින් බලා ගන්නවා. දවස් 3 කට වතාවක් පරීක්ෂණවලට ලක් කරනවා