යුරෝපා සංගමය හා ඒක්සත් රාජධානිය පශ්චාත් බ්‍රෙක්සිට් වෙළඳ ගිවිසුමක එලඹුණි.
ඒ් එම ගනුදෙනුවට අදාල ධීවර අයිතිවසිකම් හා අනාගත ව්‍යාපාරික නීති සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මාස ගණනාවක් පුරා පැවති මතභේද අවසන් කරමින්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ අපි අපේ නීතිය සහ අපේ ඉරණම පාලනය කිරීමේ බලය යලි අත්පත් කර ගත් බවයි.
මෙය සමස්ථ යුරෝපයටම යහපත් වූ එකඟතාවක් වනු ඇතැයිද බොරිස් ජොන්සන් පැවසීය
කෙසේ වෙතත් අදාල එකඟතා ලියවිල්ල මෙතෙක් එළිදක්වා නොමැත.
එක්සත් රාජධානිය ලබන බ්‍රහස්පතින්දා යුරෝපා සංගම් වෙළඳ නීති වලින් ඉවත් වීමට සූදානම්ව සිටියි.
නව තත්ත්වය හමුවේ එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය එකිනෙකට වෙනස් වෙළඳපොල දෙකක් ලෙස ක්‍රියාත්මක වන අතර එය මෙතෙක් පැවති වෙලඳ ක්ෂේත්රයේ කැපී පෙනෙන වෙනස්කම් වලට මග පාදනු ඇත.


