දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කටයුතු කර ඇත.
දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුව එම උපදෙස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
“තවත් පැය කිහිපයකින් අසිරිමත් නත්තල උදාවීමට නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කතෝලික පල්ලි, අනෙකුත් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට අද දින සවස පොලිස්පතිතුමා විසින් විශේෂ නියෝගයක් නිකුත් කරනු ලැබුවා,” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
වෙනදාට මධ්‍යම රාති‍්‍රයේ පැවැත්වෙන නත්තල් දේව මෙහෙය සවස 06 සිට පැයෙන් පැය සිදුකරන ලෙසටයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පියතුමන්ලාට උපදෙස් ලබාදී තිබිණි.