සැබෑ අරුත හදවතේ රැඳවා ගනිමින් මෙවර නත්තල නිවසට සිමාවී සමරන ලෙසට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් උපදෙස් දෙයි.
නිවසේ සියලූදෙනා එක්ව මෙවර නත්තල නිවස තුළම සැමරීම කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි.
නත්තල වෙනුවෙන් පැවැත්වෙන මෙරට ප්‍රධාන දේවමෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කඳාන සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී අද මධ්‍යම රාතී‍්‍රයේදී පැවැත්වීමට නියමිතය. දේව මෙහෙය සඳහා සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව 50 කට සීමාකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ නිරෝධායන රීති ආරක්ෂා කර ගනිමින් නත්තල මෙන්ම එළඹෙන අළුත් අවුරුද්ද ද සැමරීමට ජනතාව කටයුතු කළ යුතු බවය.