අශන්ති වරුනසුරිය
ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. එමෙන්ම පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 6 බැගින් විවෘත කර තිබේ.
ඒ අනුවකළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ කහවත්ත යන ප්‍රදේශවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.
කලාවැව අවුකන මාර්ගය, අවුකන විහාරස්ථානය අසළින් ජලයෙන් යටවී ඇති නිසා ගමනා ගමනයට බාධා එල්ලවී ඇත. කලාවැව ආශි‍්‍රත ප්‍රදේශවල සිටින ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. එමෙන්ම රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු විවෘත කර තිබේ.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද ප්‍රදේශවල පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේදී උතුරු, නැගෙනහිර, උතුරු-මැද, සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. අද දිනයේ සෙසු ප්‍රදේශවල සවස 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තදවැසි ද ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.