මිලිටරි සබඳතා තිබීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් රුසියානු සහ චීන සමාගම් 45 ක් සමඟ අපනයනය සහ ප්‍රති අපනයනය කිරීම සීමා කිරීමට තීරණය කර ඇත.
එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකට අනුව කර්මාන්ත හා ආරක්ෂක අපනයන පරිපාලන රෙගුලාසි සංශෝධනය කර එම ආයතන පරිශීලකයින්ගේ නව ලැයිස්තුවකට එක් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව රුසියානු සමාගම් අතර රොසෝබොරොනෙක්ස්පෝට්, රොස්ටෙක්, ටුපොලෙව්, එක්සත් ගුවන් යානා සංස්ථාව, අද්මිරාල්ටි නැව් තටාකය, රොසැටම්, ඉර්කුට් සහ සැටර්න් ද චීනයෙන් ගුවන් සේවා කර්මාන්ත සංස්ථාව, ගුවන් අභ්‍යවකාශ ඝන ප්රචාලන තාක්ෂණ ඇකඩමිය, කාස්ට් ෂියාන් අභ්‍යවකාශ ගමනාගමන එන්ජින් කර්මාන්ත ශාලාව සහ රජයේ පියාසර සේවය සහ තවත් ආයතන ඊට අයත් වේ.
එසේ නම් කර ඇති සියලුම ආයතන එක්සත් ජනපද විසින් ඇමරිකානු තාක්ෂණ අපනයන තහනමකට ලක් කරනු කරනු ඇති අතර, එම නව පියවරයන් ෆෙඩරල් ලේඛනයේ ප්‍රකාශයට පත් කරන බව එම ප්‍රකාශයේ සඳහන් වෙයි.
අදාල ආයතන වෙත භාණ්ඩ අපනයනය කිරීම, නැවත අපනයනය කිරීම හෝ මාරු කිරීම ගැන උනන්දුවක් දක්වන පාර්ශව වලට ඒ සඳහා විශේෂ බලපත්‍රයක් අවශ්‍ය වනු ඇත.