කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වීමෙන් ත්රීකුණාමලය අභයපුර ග්රාමනිලධාරී වසම සහ ජින්නා නගර් ප්රදේශය අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර ඇත.
සති කිහිපයක් පුරාවට හුදෙකලා කොට තිබු කොළඹ දිස්ත්රික්කයේ පිහිටි වැල්ලම්පිටිය, සාලමුල්ල ග්රාම නිලධාරී වසමට අයත් ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවරගෙන ඇත.
පසුගිය දින කිහිපය පුරා බස්නාහිර පලාතෙන් පිටව යන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුකළ ක්ෂණික ප්රතිදේහ පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන ඇත.