අද (23) තවත් එක් කොවිඩ් ආසාදිත මරණක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.අද (23) තවත් කොවිඩ් ආසාදිතයින් 231ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 579ක් වේ.