අශන්ති වරුනසුරිය
නොසිතූ ප්‍රදේශ වල කොවිඩ් උපපොකුරු බිහිවීමේ අවදානමක් පසුගිය දින කිහිපය තුළ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞක්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ගාල්ල, වැලිගම, රත්නපුර, හැටන් පදියපැලැල්ල, කුරුණෑගල, හිරිපිටිය, යාපනය, අඩාලච්චේන, මොණරාගල, බඩල්කුබුර, මෙන්ම වතුකරයේද මෙලෙස උපපොකුරු බිහිවෙමින් පවතින බව සෞක්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසීය.
එමෙන්ම වෘත්තීය මට්ටමෙන් රෝගය පැතිර යාමද වැඩිවෙමින් පවතින අතර පොලිස් පොකුර, වරාය පොකුරම බන්ධනාගාර පොකුර, සෞක්‍ය සේවා පොකුර ආදී වශයෙන් ඒ ඒ මධ්‍යස්ථාන සීමා වී තිබූ කොවිඩ් පොකුරු ද වර්ධනය වෙමින් පවත් ඔහු වැඩි දුරටත් පැවසීය