එළඹෙන ජනවාරි මාසයේ ශ්රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්රීපාද වන්දනාව ආරම්භක සතිය තුළ බැතිමතුන්ගේ පැමිණීමේ දැඩි අවදානමක් විය හැකි බවය.
ඒ හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බවයි එම කමිටුව නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් සඳහන් කරයි.