විශේෂ ගුවන් යානා 12 කින් නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු අද මෙරටට පැමිණියේය.
එලෙස පැමිණි පිරිස අතර කටාර් රාජ්‍යයේ රැඳී සිටි පුද්ගලයින් 24 දෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි පුද්ගලයින් 33 දෙනෙකු ද වන අතර එලෙස පැමිණි ශ්‍රී ලාංකිකයින් සියලූ දෙනාට ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණ සිදුකර තිබේ.
අනතුරුව ඔවුන් නිරෝධායනය කටයුතු සඳහා ද යොමු කර ඇත.