මුස්ලිම් කොවිඩ් මරණ අදහනයන් ගැන සාකච්ජා

කොවිඩ් මුස්ලිම් මරණ ආදාහනය සම්බන්දයෙන් මතුවී ඇති ගැටළුව සම්බන්දව නිදහස් මනසකින් බලා විසඳා ගන්න උදව් කරන්නැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉල්ලයි.

කොවිඩ් ආසාදිත දේහයන් ආදාහනයට විරෝධය පළකරමින් “බලහත්කාරයෙන් ආදාහනය නවත්වනු” යන මැයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද (23) පෙරවරුවේ බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිට දී විරෝධතාවයක් පැවැත්විය.

ඒ ගැන අදහස් දක්වමින් කොවිඩ් ආසාදිත මළ සිරුරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර අදහස් දැක්වු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, “මම හිතනවා මේක ලැජ්ජාවෙන්න ඕනේ දෙයක් නෙමෙයි. මේකට වෙනස් මතභේද තියෙනකොට ඒක සාකච්ඡා කරලා, ඒ පිළිබඳ අධ්‍යයනය කරලා, වෛද්‍ය මත අරගෙන විශේෂඥ මත අරගෙන ඒක විසඳගන්නට ඕනේ. ඒක නරක දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ සම්බන්ධයෙන් යන සාකච්ඡා පිළිබඳ මම ඉන්නේ පොසිටිව් තැනක. ඒක හොඳයි සාකච්ඡා කරන එක. සාකච්ඡා නොකරානම් තමා ප්‍රශ්නේ. සාකච්ඡා කරලා විසඳා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ මතවාදය ඉදිරිපත් කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ අපේ ජනතාව එකතු කරන්න. නැතුව තල්ලු කරලා හිඩස වැඩි කරන්න නෙමෙයි.

එමෙන්ම කොවිඩ් මරණ තීරණයක් නොගෙන රැඳවා තබා ගැනීම නිසා රෝහල් මෘත ශරීරාගාරවල ඒ සඳහා තිබෙන ඉඩ පහසුකම් ගැන ගැටලුව සම්බන්දයෙන් ද අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳව කථා කරමින් සිටින බවත් මේ ගැටලුවට පුර්ණ කාලින විසඳුමක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසිය. රටේ සෞඛ්‍ය ඉතාමත් වැදගත්. සෞඛ්‍ය කියන්නේ මානසික සෞඛ්‍යයත් එක්ක. සෞඛ්‍ය කියන්නේ එක පැත්තක් විතරක් නෙමෙයි. රටේ ඉන්න සියලුම ජනතාව මානසිකවත් සුවපත් වෙන්නට ඕනේ. ඒ සියල්ල බලලා තමයි රජයක් හැටියට අපි කටයුතු කරන්නේ. යනුවෙන්ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.