ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, අද (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.01 ක් හා විකුණුම් මිල රු. 193.05 ක් ලෙසින් සටහන් විය.
කොවිඩ්-19 ගෝලීය අධිවසංගත තත්ත්වය තුළ මෙම වසරේ දෙවන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා රුපියල දැඩි පීඩනයකට ලක් වූ අතර එහිදී 2020 අප්‍රේල් 08 දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200 සීමාව ද ඉක්මවීය.
2020 මැයි 04 වනදායින් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් හා විකුණුම් මිල ගණන් වේ. එදින ඩොලරයක ගැණුම් මිල රු. 188.37 ක් හා විකුණුම් මිල රු. 194.11 ක් විය.