කොරෝනා මුස්ලිම් මරණ ආදාහනයට එරෙහිව විශාල විරෝධතාවක්


කොරොනා වෛරස් ආසාදිත මිය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව අද බොරැල්ල සුසාන භූමිය අසල විශාල විරෝධතාවක් පැවැත්විණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වූහ.

කොවිඩ් ආසාදිත දේහයන් ආදාහනයට විරෝධය පළකරමින් “බලහත්කාරයෙන් ආදාහනය නවත්වනු” යන මැයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද (23) පෙරවරුවේ බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිට දී විරෝධතාවයක් පැවැත්විය.

එම අවස්ථාවේ දී මාධ්‍යයට අදහස් දැක්වු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍ර මුජිබර් රහුමාන් මහතා‍,

“අද මේ රටේ කොවිඩ් – 19 මරණයට පත්වෙන අය අපරාධකාරයෝ හැටියට තමයි මේ ආණ්ඩුව සලකලා තියෙන්නේ. ඔවුන්ගේ ආගමික, සංස්කෘතික විශ්වාසයන්ට කිසිම ඉඩක් නොදී ආණ්ඩුව ඒ මරණ සිදුවුණාම එය පිළිගැනීමට බැරි විදියට ඥාතීන්ට එහෙම නැත්නම් නෑදෑ හිතවතුන්ට ඔවුන්ගේ අයිතිකරුවන්ට, කිසිදු කෙනෙකුට ඒ මරණ නොපෙන්වා බලහත්කාරයෙන් අරන් ගිහින් ආදාහනය කරන ක්‍රියාපිළිවෙතක් තමයි අද මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරලා තියෙන්නේ.“

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.