ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙන්නප්පුව සහ මාරවිල සුරාබදු ස්ථානයන්හි නිලධාරින්ට මහජනයාගෙන් ලද තොරතුරු මත, මාරවිල නගරයෙහි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගිය වයින් නිෂ්පාදනාගාරයක් වටලා එම නිෂ්පාදන කටයුතු වල යෙදීසිටි එහි අයිතිකරු යැයි පවසන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය වයින් නිෂ්පාදනාගාරයෙහි නිෂ්පාදන කටයුතු සදහා හා ඇසුරුම් කිරීම සදහා යොදාගත් උපකරණ රැසක් සහ වයින් මිලි ලීටර් 40000 ක් ද අත්අඩංගුවට ගැණීමට හැකි වූ අතර ඒවායේ වෙළදපොළ වටිනාකම රුපියල් ලක්ෂ පහක් (500,000.00) පමණ වන බව එම නිළධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 65 ක් වන මාරවිල ප්රදේශයේම පදිංචි පුද්ගලයෙකු වේ. ඔහු සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර ඔහුට එරෙහිව 2021. 01. 27 වන බදාදා දින මාරවිල මහේස්ත්රාත් අධිකරණයෙහි නඩු පැවරීමට නියමිතව ඇත.
වයඹ පළාත් ( 02 ) සහකාර සුරාබදු කොමසාරිස් එන්. සෝදිනාදන් මහතා සහ වැඩබලන සුරාබදු අධිකාරි ෆෑන්ක්ලින් ප්රනාන්දු මහතාගේ උපදෙස් පරිදි සුරාබදු පරීක්ෂක වරුන් වන දීප්ත අලවත්තේගම, අජිත් රාජපක්ෂ , සුරාබදු මහසැරයන් සී. බාලසූරිය , සුරාබදු කෝප්රල් වරුන් වන 896 අසේල සිල්වා, 968 සී. ජයසිංහ , 993 නිලංග ප්රනාන්දු , සුරාබදු නියාමක 760 සී. වික්රමරත්න , සුරාබදු රියදුරන් වන අජිත් වර්ණසූරිය , කේ. ජීවන්ත යන නිලධාරීන් විසින් විසින් මෙම වැටලිම සිදු කර ඇත.