කොවිඩ් ආසාදනය වී පිළිකා රෝගයෙන් පෙළුණු දරුවෙකු මියයයි

තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ අතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලට ප්‍රතිකාර සඳහා මාරු කොට යැවු 15 හැවිරිදි දරුවෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .

දංකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දරුවා ලියුකේමියා රෝගී තත්ත්වය සමග කොවිඩ් වෛරසය ආසාදනය සමග ඇතිවූ උග්‍ර නියුමෝනියා තත්ත්වය, ලේ විෂ වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇත. මේ අතර කොළඹ 07 ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් නිවසේදී මියගොස් ඇති අතර ඇය ද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත.

මෙතෙක් කොවිඩ් ආසාදිතයින් 427ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38,058ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8,577ක් වන අතර දැනට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 29,300ක්ද මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 34,381ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.