පාකිස්තානය සමග පැවති 20යි20 තරඟාවලියේ ජය නවසීලන්තයට

නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවති පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ජය 2-1ක් ලෙස නවසීලන්තය ලබා ගත්තේය

දෙරට  අතර පැවති තුන්වැනි විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 4කින්  පාකිස්තානය ට ජය හිමිවිය.

නේපියර් හි පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරක කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 173ක් ලබාගත්තේය.

ඩෙවොන් කොන්වේ ලකුණු 63යි.

ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම පන්දු ඕවර 19.4 කඩුලු 6කට ලකුණු 177ක් ලබාගනිමින් තරඟය ජය ගත් අතර  කඩුලුරකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් පන්දු 59කදී ලකුණු 89ක් රැස් කළේය

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.