ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් වෛද්‍යවරු සිවිදෙනෙකු ඇතුළු 5 දෙනෙකු මියගොස් තිබේ.
මියගිය සිව් දෙනෙකුම බන්ධනාගාරයක සේවය කරමින් සිටි වෛද්‍යවරුන් වන අතර ඉන් තිදෙනෙක් කාන්තාවන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පිපිරීමෙන් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
ජනමාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ වෙනත් දේශපාලන චරිත ඉලක්ක කර ගනිමින් පසුගිය කාලා පුරාම මෙලෙස මෝටර් රථ බෝම්බ ප්‍රහාර එල්ල කිරනු ලබයි.
ඇෆ්ගනිස්ථාන සහ තලේබාන් ක්‍රියාකාරින් අතර සාකච්ඡා ආරම්භ කර තිබියදීත් රටේ ප්රචණ්ඩත්වය ඉහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි