ගහ-කොළ විනාශ කරන අයටත් තදබල දඬුවම් දිය යුතුයි

 

පරිසර පද්ධතිය ආරක්ෂා කර ගතහොත් මෙරට ජල සම්පත අනාගතයේදී සුරක්ෂිත වන ප්‍රධාන මාර්ගය බව රටම සැලකිය යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති. එළඹෙන නත්තල් සමය වෙනුවෙන් කාදිනල් හිමිපාණන්ට සුභ පැතීම සඳහා අද (22) උන්වහන්සේගේ නිල නිවසට ගිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අමතමින් කාදිනල් හිමිපාණන් වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදි උන්වහන්සේ මෙසේ පැවසුහ.

“අද වෙන කොට අපේ රටේ විශාල වශයෙන් වනාන්තර විනාශ වෙමින් තිබෙනවා. ඒක නවත්වන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම වනාන්තර ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් සකස් කරන්න රජය පියවර ගන්න ඕන. මේ රටේ ගහ-කොළ විනාශ කරන අයටත් තදබල දඬුවම් දෙන්න නීති සකස් වෙන්න ඕන. එහෙම කරලා මේ රටේ පරිසර පද්ධතිය රැක ගත හැකි වෙතොත් අනාගතයේ ලෝකයේ ඇතිවන ජල හිඟයේදී ජල සම්පත රැකගත හැකි

නගරයන් ඔක්සිජන් හිඟ නගර බවෙන් මුදා ගන්න ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල කැපවී ඇති බවත්, ගමින් ගම සංවර්ධනය කරන වැඩ පිළිවෙලට පරිසර හිතවාදි කටයුතු ඇතුළත්  බවත් විදේශ අමාත්‍යතුමා මෙහිදී පවසා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.