කොළඹ වරාය සියලූම මෙහෙයුම් කටයුතු සාමාන්‍ය තත්ත්වයට

අද වන විට කොළඹ වරාය සියලූම මෙහෙයුම් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව  වරාය අධිකාරියේ සභාපති  ජෙනරල් දයා රත්නායක පැවසීය.

දේශීය ආනයන හා අපනයන කටයුතු වලින් 95% ක් පමණ කොළඹ වරාය මෙහෙයවයි. පවත්නා කොවිඞ් තත්ත්වය පාලනය කරමින් රටේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස තම යුතුකම ජාතික වගකීමක් ලෙස ඉටු කරන අතරේම අන්තර් ජාතික වෙළඳාම හා සබැඳි ආයතනයක් ලෙස ජාත්‍යන්තර ගණුදෙනු කරුවන්ගේ ද විශ්වාසය ආරක්‍ෂා කරගනිමින් මෙම තත්ත්වයට පත්වීමට හැකිවීම ජයග‍්‍රහණයක් බව ද, එමෙන්ම, වරාය තුළ මෙහෙයුම් කටයුතු කාර්යක්‍ෂම හා ඵලදායි ව පවත්වාගෙන යාම සඳහා අනෙකුත් පර්යන්ත සමග ඉතා සහයෝගයෙන් කටයුතු කරන බව ද ඔහු  ප‍්‍රකාශ කළේ ය

පවත්නා වසංගත තත්ත්වය පාලනය සඳහා දැනටමත් ඒකාබද්ධ මධ්‍යස්ථානයක් ඇති කොට ඇති බවත් එහි කටයුතු සෑම බදාදා දිනකම විශ්ලේෂණය කරන බවත්  කොවිඞ් සම්බන්ධ සියළු දත්ත වාර්තා මෙම මධ්‍යස්ථානය සතු බව ද හෙතෙම  පැවසීය.

මෙම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය සභාපති ජනරාල් දයා රත්නායක මහතා මෙසේ පැවසීය ..

රාය යනු රටේ සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වය කෙරෙහි ඉඳුරාම බලපාන ආයතනයක් බවයි. රටේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට සෘජුවම බලපාන ආයතනයක් ලෙස කටයුතු කරන වරාය, විශාල සමාගම් හා ආශ‍්‍රිත ව්‍යාපාරයන් විශාල ප‍්‍රමාණයක් සඳහා මූලිකත්වය දරණ හා ආශ‍්‍රිත රුකියා උත්පාදනය කරන විශාල ආයතනයකි. එමෙන්ම, රටේ ආදායම් උත්පාදනය සඳහා දායක වන ආයතනයකි. විශාල බදු ප‍්‍රමාණයක් රජයට ලබා දෙන ආයතනයකි.  නොනිදන ආයතනයක් ලෙස පැය 24 පුරා ක‍්‍රියාත්මක වරාය කොවිඞ් වසංගත කාලය පුරා ඉතා සක‍්‍රියව කටයුතු කරන ආයතනයක් ලෙසද පෙන්වා දිය හැකි ය.මෙම වසරේ (2020) මාර්තු මස 16 වන දින දක්වා ඉතා ඉහල වර්ධන අගයක් පෙන්නුම් කළ ද අපේ‍්‍රල්/මැයි මාස වලදී එම තත්ත්වයේ අඩුවීමක් දැක්වීය. නමුත් ඔක්තොම්බර් මාසයේ කොවිඞ් දෙවන රැල්ලත්  සමග නැවත කොළඹ වරාය අභියෝගයකට මුහුණ දීමට සිදුවිය.

කොවිඞ් තත්ත්වයට පෙර සහසම්බන්ධිත (connectivity) වරායන් අතර ගෝලීය දර්ශක වල 11/12 ස්ථානවල පැවතීමට කොළඹ වරායට හැකිවිය. කොළඹ වරායට විශාල වශයෙන් නෞකා ආකර්ශනය කර ගනිමින් නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ගෝලීයව ඇතිවන බලපෑම් වරාය කටයුතු සඳහා ද වන බලපෑම් අපට මගහැරිය නොහැකිය. විශේෂයෙන්ම පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාව තුළ සංචරණ සීමා පැනවීම නිසා එහි නිෂ්පාදන කටයුතු බිඳ වැටීම් වරාය කටයුතු සඳහා බලපා ඇත.  එමෙන්ම, මෙම තත්ත්වය අපට පමණක් පොදු වූ තත්ත්වයක් නොව සිංගප්පූරුව, මැලේසියාව, ඩුබායි වැනි කේන්ද්‍රිය වරායන් සඳහා ද බලපා ඇත.දැනට කොළඹ වරායේ පර්යන්ත අතර එක`ගතාව වන්නේ පවත්නා තත්ත්වයට සාර්ථකව මුහුණදීම සඳහා ඒකාබද්ධව වැඩ කිරීමයි. මේ සඳහා අමතර සේවාවන් යොදා ගනිමින් රජයේ සෞඛ්‍ය නිර්දේශ ක‍්‍රියාත්මක කරමින් ඒවා පිළිබඳව සේවක ප‍්‍රජාව දැනුවත් කරමින් වරාය කටයුතු නැවත සුපුරුදු මට්ටමට රැුගෙන විත් ඇති බව වැඩිදුරටත් හෙතෙම සඳහන් කළේ ය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.