රුපියල් මිලියන 700 ක වියදමින් නුවරඑළිය තුරගතරග පිටිය සංවර්ධනය ව්‍යාපෘතිය අද (22) පෙරවරුවේ අමාත්‍ය සී බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
නුවරඑළිය තුරග තරග පිටිය දීර්ඝ කාලයක් පුරා නිසි ලෙස සංවර්ධනය නොවීම හේතුවෙන් තරග පැවැත්වීමට නොහැකි වී තිබිණි.
නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තුරග ධාවන පථය ප්‍රතිසංස්කරණය මෙන්ම ක්‍රිකට්, පාපන්දු, රගර් ක්‍රීඩා සදහා ක්‍රීඩාංගන 3 ක් ඉදි කිරීමට ද නියමිතය. ක්‍රීඩකයන්ට අවශ්‍ය විවේකාගාර හා ප්රේක්ෂකාගාර මෙන්ම රථ ගාල ඇතුලු පහසුකම් රැසක් ස්ථාපනය කිරීම ද මෙම සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත් වේ.
මීට අමතරව තුරග තරග පිටිය හා ග්‍රෙගරි වැව අතර ප්‍රදේශයේ මෝටර් රථ ධාවන පථයක් ද ඉදිකිරීමට යෝජිතය.