කුඩා දරුවන් 30ක් විකිණූ ජාවාරමක් හෙළි වේ

ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

අන්තර්ජාලය හරහා වෙළෙඳ දැන්වීමක් ලෙස සකස් කරන ලද වීඩියෝවක් මගින් සැකකරු එම ජාවාරම මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක දී පවත්වා ගෙන ගොස් තිබේ. පොලිස් හා කාන්තා කාර්යාංශයේ විමර්ශනවලින් අනතුරුව මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙක් සොයා ගෙන ඇත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරනු ලැබු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ජාවාරම මෙහෙයවු 47 හැවිරිදි පුද්ගලයා ඊයේ (21) රාත්‍රියේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.

විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් සැකකරු විසින් අදාළ ස්ථානයන්ට ගෙන්වා, ගිවිසුම්වලට අත්සන් කර දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇත. වැනි කුඩා දරුවන් 30 දෙනෙකු පමණ මේ වන විට විකුණා ඇතැයි මේ වන විට හෙළිවී ඇත.

එයින් 5 දෙනෙකුගේ දරුවන් ඒ වන විටත් තුන්වන පාර්ශවකට ලබා දී අතර, තවත් දරුවන් තිදෙනෙක් සමග මව්වරු සිට ඇති බවත්, තවත් ගැබිනි මව්වරුන් 12 සැකකරුගේ ආරක්ෂාව යටතේ සිට ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.