එංගලන්තයෙන් හඳුනාගෙන ඇති Covid-19 නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටද පැමිණීමේ අවදානමක් පවතින බව පැවසේ. මෙම නව වෛරස් ප්‍රභේදය ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය ඇතුලු තවත් රටවල් කිහිපයකින්ද වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකළ යුතු බවයි රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා සංගමය පවසයි.
දැනටමත් මෙම වෛරසය පැතිරයාම හේතුවෙන් යුරෝපා රටවල් මෙන්ම දකුණු අප්‍රිකාව, තුර්කිය, ඊශ්‍රායලය මෙන්ම ඉන්දියාවද, බ්‍රිතාන්‍ය දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ඉතා වේගයෙන් පැතිරයාම නව වෛරස් ප්‍රභේදයේ විශේෂත්වය බවත් විශේෂයෙන් එංගලන්තය වැනි රටවලින් පැමිණෙන පුද්ගලයින්ගෙන් සහ ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේදී මෙම වෛරස් ප්‍රභේදය පැතිර යා හැකි බවත් රසායනාගාර තාක්ෂණ සංගමය කියයි.