ගුවන් සමාගම්වලට සහනයක්

සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු දෙසැම්බර් 26 වන දා සිට 2021 ජනවාරි 19 වන දා දක්වා කාලය තුළ නිදහස් කර තිබේ.

ජාත්‍යන්තර ගුවන් ගමන් කේෂ්ත්‍රය මුහුණ දී ඇති අර්බුද හේතුවේ එම තීරණය ගෙන ඇත. විදේශ සංචාරකයින් සඳහා ගුවන්තොටුපළ විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුගමනය කරමින් එම කටයුත්ත සිදු කෙරේ.

ඒ අනුව විශේෂිත කාලසටහන්වලට අනුකූලව ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් මෙහෙයුම් කටයුතුවල නිරත වීමට නියමිතය.

එමෙන්ම මත්තල ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍ර ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිර යාමට පෙර මත්තල ගුවන්තොටුපොළ සක්‍රීය ගුවන්තොටුපොළක් බවට පත්කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මත්තල ගුවන්තොටුපොළ තුළ සිදුවූ මගී මෙහෙයුම් සංඛ්‍යාව 15039ක් වන බවත් ගුවන් යානා 396ක් මත්තලට පැමිණ ඇත. මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිතව විදේශීකය ආයෝජන අවස්ථා පුළුල් කිරීම, කෘෂිකාර්මික වගාකරුවන් හඳුනාගෙන ඔවුන් අපනයන ක්‍රියාවලියට දායක කරගැනීම, භාණ්ඩ අපනයනකරුවන්ගේ අවශ්‍යතා සඳහා පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.